හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාට ලබාදී තිබූ කැප්පෙටිපොල මාවතේ රජයේ නිල නිවස දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතාට ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පියවර ගෙන ඇත.
සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවට පත්වීමෙන් පසු නිල නිවසක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමකට අනුව මෙම නිවස ලබාදී ඇත. හිටපු අග්‍රාමාත්‍යවරයා සිටි නිල නිවසේ ඔහු පරිහරණය කළ භාණ්ඩ ඇති බවත් ඒවා ඉවත් කරගත් වහාම සම්බන්ධන් මහතාට එම නිල නිවස ලබාගන්නා ලෙස අමාත්‍යංශය දැනුම් දී ඇති බවත් ලේකම්වරයා කීය.
රජයේ නිල නිවාස ලබාදෙන ලෙස අමාත්‍යංශයට ඉල්ලීම් රැසක් ලැබුණත් නිල කාලය අවසන් වී එහි සිටි පුද්ගලයන් ඉවත් නොවීම ගැටලුවක් වී ඇතැයි පැවසූ ලේකම්වරයා මොවුන් ඉවත් කිරීම සඳහා නඩු පැවරීමට කටයුතු කර ඇතැයිද කියා සිටියේය. මේ අතර හිටපු විනිසුරුවරයකුද වසර 30ක් තිස්සේ රජයේ නිල නිවසක රැඳී සිටින බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.
(චමින්ද සිල්වා - දිවයින)
Friday, January 13, 2017
රත්නසිරිගේ නිල නිවස සම්බන්ධන්ට
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment