ආණ්ඩුවේ සභාපති තනතුරු කිහිපයක් ඉදිරියේදී වෙනස් කිරීමට සුදානම්වන බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ අනුව ජනාධිපති උපදේශකයකු ලෙස කටයුතු කරනු ලබන ශිරාල් ලක්තිලක මහතාට පදනම් ආයතනයේ සභාපති ධූරය ද දැනට රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන රවී ජයවර්ධන මහතාට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයද ලබාදීමට සූදානම්වන බව පැවසේ.
ඒ අතර මේවන විට හිස්ව පවතින රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට නිමල් ඒකනායක මහතා ද පත් කිරීමට යන බව අප වෙත වාර්තා වේ. ජයවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයට යෝජනා කර ඇත්තේ ජනමාධය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා බවද පැවසේ. වර්තමානයේ පදනම් ආයතනයේ සභාපති ධූරය දරනු ලබන මහාචාර්ය කපිල ගුණසේකර මහතා අදාළ ධූරයෙන් බවත්වීමට ඉල්ලා ඇති බව පසුගියදා මාධ්‍ය වාර්තාකර තිබිණි.
ශ්‍රී ලංකා මිරර්
Sunday, January 29, 2017
සභාපති පට්ටම් කිහිපයක් වෙනස් වෙයි !
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment