එසේම Maruti Alto රථයට තරගයක් දීමට Datsun Redi Go සහ Unimo Z100 නමින් නවතම කුඩා මෝටර් රථ වෙළෙඳ නාම දෙකක් වෙළදපොලට හඳුන්වා දුන්නේය. එම මෝටර් රථ දෙකම Hatchback මාදිලියේ Entry-level ලාබදායී එනම් අඩු වියදම් ඉහල ඉන්ධන ඉතිරියක් සහිත මෝටර් රථ වේ.
නමුත් සැලකිය යුතු කරුණක් වන්නේ කාලයක් තිස්සේ පවතින Alto රථයත් සමග සලකනවිට මේවා කෙතරම් හොදද කියන ප්රශ්නයයි. Alto, Kwid, Redi Go, සහ Z100 රථවල විස්තර (specifications) එක් එක් මෝටර් රථවල පවතින ස්ථානය සහ ඒවායේ ඇති වෙනස්කම්, සමානකම් සහ ගුණාංග පිලිබදව පහතින් දැක්වේ.
මෙම මෝටර් රථ සියල්ලම ඉතාමත් අඩු (වර්තමාන වාහන වෙළදපොල මිල ගණන් අනුව) මිලකට මිලදී ගතහැකි එනම් රුපියල් මිලියන 2 සිමාවේ පවතී. නමුත් මේ හැම මාදිලියකම වැඩි මිලක් ගෙවා වෙනත් options අඩංගු රථ මිලදී ගත හැක. එම මෝටර් රථවලින් Unimo Z100 හැර අනිත් සියල්ලම ජපන් තාක්ෂනය භාවිතා කර ඉන්දියාවේ නිෂ්පාදනය කල ඒවාවේ.
(Suzuki, Renault and Nissan). Z100 මෝටර් රථය චීනයේ Zotye සමාගමේ අමතර කොටස් මෙරටට ගෙන්වා ලංකාවේදී එකලස් කරන මෝටර් රථයකි. එම මෝටර් රථය 1000සීසී එංජින් ධාරිතාවයෙන් යුක්ත බවත් මේ වන විට මෙරට ඇති කුඩා මෝටර් රථ වලින් ගුණාත්මක බව ඉහල මෝටර් රථයක් ලෙස හඳුන්වා දී ඇත.
මෙම මෝටර් රථය රුපියල් ලක්ෂ 20ක පමණ මුදලකට අලෙවි කරන බව එම සමාගම පවසයි.
එම Z100 මෝටර් රථයේ වීඩියෝව පහතින්...
No comments:
Post a Comment