මහින්දගෙ කාලෙ එක කම්හලක්වත් ඇරියෙ නෑ තිබ්බ ඒවා වැහුවා - කිරිඇල්ල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 12, 2017

මහින්දගෙ කාලෙ එක කම්හලක්වත් ඇරියෙ නෑ තිබ්බ ඒවා වැහුවා - කිරිඇල්ල

මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවැති උත්සවයකින් අනතුරුව උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේ, තම පාලන කාලය තුළ එකදු කර්මාන්ත ශාලාවක් හෝ

විවෘත කර ගැනීමට නොහැකි වූ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති ආර්. ප්‍රෙමදාස  මහතා බිහිකළ කර්මාන්ත ශාලා 300ක් අතරින් 150ක්ම වසා දැමූ බවත් හම්බන්තොට කර්මාන්ත කලාපයට අකුල් හෙළීමෙන් ඒකාබද්ධ විපක්ෂය රටට ප්‍රදර්ශනය කරන්නේ ඔවුන් සතු දේශපාලන කුහකකම බවත්ය.

වසර 2015දී මැතිවරණ දෙකක් පරාජය වූ  මහින්ද තමන්ට කළ නොහැකි වූ දේ වත්මන් රජය කරන විට දරා ගැනීමට නොහැකි වී තිබෙන බවත් කිරිඇල්ල මහතා පැවැසුවේය.මහින්ද රාජපක්‍ෂ පාලන කාලය තුළ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම එක් කර්මාන්ත ශාලාවක් ඇති කර රැකියා පන්සියයක් බිහිකරන බව ප්‍රකාශ කළත් ඔවුන්ට එකදු හෝ කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට නොහැකි වූ බවත් මහනුවර පමණක් මහින්ද ජනපති සමයේ කර්මාන්ත ශාලා 24ක් වැසී ගිය බවත් හෙතෙම කීය.

No comments:

Post a Comment

Post Bottom Ad