ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට චෝදනා නඟමින් මානව හිමිකම් සමුළුවට ජිනීවා යෝජනාව ඉදිරිපත් කළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් සිවුදෙනෙක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත් කර ඇත.
නව රාජ්‍ය ලේකම් ලෙස රෙක්‌ස් මිලර්සන් පත්වීම සහ මෙම නිලධාරීන් සිවුදෙනා ඉවත් කිරීම නිසා ඊළාම් ඩයස්‌පෝරාව දැඩි කැළඹීමට ලක්‌වී තිබේ. ජිනීවා යෝජනාව කෙටුම්පත් කිරීමට මුල් වූ සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් ද එම යෝජනාව ඉදිරියට ගෙන යැම ගැන මෙතෙක් ප්‍රකාශ කර නැත.
ඊළාම් ඩයස්‌පෝරාවට සහය දක්‌වන පිළිවෙතක් අනුගමනය කළ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ට්‍රම්ප් විසින් සුද්ධ කිරීම නිසා රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව සංවිධානය ද කනස්‌සල්ල පළ කර ඇත. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඊළාම් බලය බිඳවැටීම නිසා ජිනීවා යෝජනාව සංශෝධනය කිරීමේ අරමුණින් නැවත සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා රජයට අවස්‌ථාවක් උදාවී ඇත.
34 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව පෙබරවාරි 24 දා ආරම්භ වන අතර ඊට පෙර ජිනීවා යෝජනාව සංශෝධනය කළ යුතු වේ. මේ අතර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තිබූ සිය බලය බිඳවැටීම නිසා ඊළාම් ඩයස්‌පෝරාව කඩිමුඩියේ ටැමිල්ස් ෆො ට්‍රම්ප් නමින් සංවිධානයක් ස්‌ථාපිත කර ඇත.
කීර්ති වර්ණකුලසූරිය
Sunday, January 29, 2017
ට්‍රම්ප් ලංකාවට වින කළ ලොක්‌කන් 4 ක් එළවයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment