2020 දී ජනාධිපතිවරණයක් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 11, 2017

2020 දී ජනාධිපතිවරණයක් නෑ

2020 දී ජනාධිපතිවරණයක් නෑ
වසර 2020 දී ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඒ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් නව ව්‍යවස්ථාවක් කරා යාම ආණ්ඩුවේ අපේක්ෂාව බව හෙතෙම පැවසීය. ජනාධිපතිවරයාගේ අරමුණ ද එය ම බව කී අමාත්‍යවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් පවසන දේ අදාළ නොවන බව ද කියා සිටියේය.

කෙසේ වුවද විධායක ජනාධිපති ධුරය එලෙසම පවත්වාගෙන යාමටත් 2020 වසරේ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම ඉදිරිපත් වියයුතු බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව අමාත්‍ය සරත් අමුණුගම පසුගියදා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad