පුංචි පුතුගේ උපන් දිනේ දා අතේ සතේ නැතිවුණු පියා ගස් කපන මැෂිමෙන් බෙල්ල කපාගත් සංවේදී කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 24, 2016

පුංචි පුතුගේ උපන් දිනේ දා අතේ සතේ නැතිවුණු පියා ගස් කපන මැෂිමෙන් බෙල්ල කපාගත් සංවේදී කතාව

දරුවන්ගේ උපන්දිනය දවසට දරුවන් සතුටු කරන්න මව්පියන් විසින් විවිධ ආකාරයේ තෑගී එහෙම අරන් දෙනවානේ. ඉතින් ඒ වගේ තමන්ගේ දරුවෙකුගේ උපන්දිනයක් දවසේ ගලේවෙල, වටගල, දේවහූව ප්‍රදේශයේ පුංචි දරුවෙක් තාත්තාගෙන් බිස්කට් එකක් ඉල්ලලා තියෙනවා.

ඒ දරුවට බිස්කට් එකක්වත් ගන්න මේ තාත්තා ළඟ සල්ලි තිබිලා නැහැ. ඒ නිසා ගෙදර තිබුණු ගස් කපන මැෂින් එක අරන් ගිහින් තියෙන්නේ ඒක විකුණලා සල්ලි අරගෙන බිස්කට් එකක් අරන් එන්න. ගස් කපන මැෂින් එක කවුරුවත් අරන් තිබුණේ නැති නිසා මේ තාත්තට ඇතිවෙලා තියෙන්නේ පුදුම දුකක්.

ඇතිවෙච්ච දුක දරාගන්න බැරිවුණු මේ තාත්තා ගස් කපන මැෂින් එකෙන් බෙල්ල කපාගෙන සියදිව් හානිකරගෙන. මෙලෙස සියදිවි හානිකරගෙන තියෙන්නේ මහින්දසිරි සුජිත් කුමාර නමැති දරුවන් හතරදෙනෙක් ඉඳපු තාත්ත කෙනෙක්. මේ දරුවන්ට කියලා  නිවසක්වත් නැහැයි කියල තමයි ආරංචිවුණේ. තාත්තා නැතිවුණු මේ දරුවන් ආ වෙද්දී මවත් එක්ක තනිවෙලා ඉන්නේ.




 

No comments:

Post a Comment

Post Bottom Ad