මහ බැංකුවේ බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දඬුකදේ ගැසිය යුතුය යන්න ශ්‍රිලංකා නිදහස් පක්ෂය ස්ථාවරය බව ඇමති ලක්ෂමන් සෙනෙවිරත්න මහතා පවසයි.
කොළඹදී පැවති ශ්‍රී ලනිප මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
සමාජ මාධ්‍ය ජාලාවල පලවන පුවත් වලින් 80% අසත්‍ය බවත් මෙම තත්වය වලක්වා ගැනීමට හැකි ඉක්මනින් පියවරක් ගතයුතු බවත් ඇමතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
"මුහුණු පොතේ පළ කෙරෙන තොරතුරු වලින් සියයට අසූවක් අනූවක් අසත්‍ය තොරතුරු මත පදනම් වි තිබෙනවා. එහි සත්‍යතාවක් නැහැ. පට්ටපල් බොරු ඒ මගින් ප්‍රචාරය කරනවා. ඇතැම් පුද්ගලයන්ගේ කීර්ති නාමයට පවා එය කැළලක්. චීනය, සිංගප්පූරුව වැනි රටවල් එවැනි ප්රවෘත්තිවල සත්‍යතාව නිවැරදි දැයි නියාමනය කෙරෙනවා. එමඟින් සිදු වන හානිය අවම කර ගැනීමේ හැකියාව උදා වෙනවා. සමහර අය අපට ආණ්ඩුවෙන් ඉවත්වන්නැයි පවසා තිබෙනවා.
සාමූහික ලෙස පවත්වාගෙන යන ආණ්ඩුවකින් ඉවත්වීමට යැයි කීම සුදුසු ප්‍රකාශයක් නොවෙයි. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස ආණ්ඩුව සමඟ කටයුතු කළඳ වැරදි දේ විවේචනය කළ යුතුයි. මහබැංකු හිටපු අධිපතියාගේ ප්රශ්නයේදී පක්ෂයක් ලෙස අපේ ස්ථාවරය අප ප්‍රකාශ කළා. ඔහු දඬුකදේ ගැසිය යුතු බව අපේ අදහස වුණා. නමුත් සාමූහිකව ආණ්ඩුව පවත්වාගෙන යෑම වෙනත් කරුණක්. පසුගියදා හම්බන්තොට වරායේදි මාධ්‍යවේදියෙකු පහර දීමේ සිද්ධිය අනුමත කළ හැකි සිදුවීමක් නොවෙයි. නමුත් ප්‍රශ්නයක් සිදු වූවානම් එය කතා බස් කර විසඳා ගැනීමේ හැකියාව තිබුණා. පහර දීමක් දක්වා ගෙන යෑමට අවශ්‍ය නැහැ. නමුත් ඇතැම් මාධ්‍ය මඟින් ඒක ප්රාර්ශවික මාධ්‍ය කරණයක යෙදෙනවා. එය සාධාරණීකරණය කළ නොහැකියි. මාධ්‍යයට ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතු වෙනවා." යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.
No comments:
Post a Comment