පොලිස්පතිගෙන් පෞද්ගලික මාධ්‍යයට වාරණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 24, 2016

පොලිස්පතිගෙන් පෞද්ගලික මාධ්‍යයට වාරණයක්

පොලිස්පතිගෙන් පෞද්ගලික මාධ්‍යයට වාරණයක්
පසුගිය 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික මාධ්‍ය ආයතනවලට විද්‍යුත් පණිවුඩ ඔස්සේ ලබා දුන් පොලිසියේ තොරතුරු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයකින් අත්හිටුවා තිබේ.

දිවයින පුරා සිදු වන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම්, රථ වාහන අනතුරු, පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම්, උසස් වීම්, මාර්ග අවහිරය ආදී මහජනතාවට වැදගත් වන තොරතුරු රැසක් දෛනිකව පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ ස්ථාපිත පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මඟින් විද්‍යුත් පණිවුඩ ඔස්සේ සියලු මාධ්‍ය ආයතනවලට ලබාදෙමින් තිබිණි.

එහෙත් පසුගිය 22 වනදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයාගේ නියෝග මත එම තොරතුරු සහිත විද්‍යුත් පණිවුඩ සැපයීම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය විසින් අත්හිටුවා ඇත.

පසුගිය 22 සහ 23 යන දිනයන්හිදී පෞද්ගලික මාධ්‍ය ආයතන වෙත අදාළ විද්‍යුත් පණිවුඩ ලබා දීම සිදුවී නැතත් රාජ්‍ය මාධ්‍ය ආයතනවලට සුපුරුදු පරිදි පොලිස් තොරතුරු සහිත විද්‍යුත් පණිවුඩ සැපැයීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසයේ නිලධාරීන් කටයුතු කර තිබේ.

රත්නපුරයේදී සහභාගි වූ උත්සවයක පොලිස්පතිවරයා සිදුකළ දුරකතන සංවාදයක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවීමත් සමඟ රටේ මහත් ආන්දෝලනයක් ඉකුත් දිනවල ඇති විය.

No comments:

Post a Comment

Post Bottom Ad