අපේ රටේ බැංකු පද්ධතිය ආරම්භ කලේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට මෙන්ම ජනතාවගේ මුදල් සැකසුරුවම් පුරුදු පුහුණු කරීමටය.
විශේෂයෙන්ම රටේ ගොවියා, සුලු කර්මාන්ත කරුවා, සුලු ව්‍යාපාරිකයා, ධීවරයා ඇතුළු මහා පරිමාණයේ කර්මාන්ත සහ ව්‍යවසායකයා දක්වා ඔහුනගේ ආර්ථිකය දියුණු කොට ජිවන තත්ත්වය නගා සිටුවීම අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම ශ්‍රීලංකා බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධාන අරමුණ විය.
2015 රටේ පාලනය වෙන්ස් වූ පසු ජනතාව පැත්තෙන් ඔහුනට සහන සලසා ඔහුනගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය කිසිදු සැලකිය යුතු පියවරක් බැංකු ක්ෂේත්‍රයේ ගෙන නොමැත.
පෙර පැවති මහින්ද රාජපක්ෂ රජය මෙන්ම හිටපු ආර්ථික ඇමති බැසිල් රාජපක්ෂ සෑමවිටම බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධානින් නිරන්තරයෙන් මුණගැසී ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට අවශ්‍ය කුඩා පරිමාණයේ ණය යෝජනා ක්‍රම සඳහා අඩු පොලි අනුපාතය මෙන්ම, විශේෂයෙන්ම වාර්ෂික පොලි අනුපාතය 20% කට වඩා තිබු ප්‍රමාණය තනි ඉලක්කමේ අගයකට ගේන්න එනම් සීයයට 10% අඩු මට්ටමේ පවත්වාගෙන යන්න අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලදි.
එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකයේ සෑම අංශයකම විශාල දියුණුවක් 2005 සිට 2014 දෙසැම්බර් දක්වා දක්නට ලැබුණු අතර රටේ සමස්ථ ප්‍රමුඛ ණය පොලි අනුපාතය Prime Lending Rate වාර්ෂිකව 6% දක්වා ගෙන ඒමට එම ක්‍රියාවලිය සමත් විය.
එහෙත් අද වනවිට රටේ සමස්ථ පොලී අනුපාතය පසුගිය වසර 2 ක තුල සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රීලංකා මහා බැංකුවේ වාර්තාවලින් පැහැදිලිව පෙන්නුම් කරන අතර මේ වන විට රජය දේශීයව බැංකු මගින් සීයයට 13% ඉක්මවා ණය ගැනීමට පෙලබී ඇත. මේ අනුව සමාන්‍ය ජනතාව සීයයට 17-18% කට නොඅඩුව ණය ගැනීමට නොහැකිය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස රටේ සමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවය සඳහා ණය දීම අමතක කොට රටේ සියලුම බැංකු, මහා බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික වෙළෙන්දෝ හරහා වැඩි පොලියට ආණ්ඩුවට ණය දීමට පටන්ගෙන ඇත.
මෙම ප්‍රාථමික වෙළෙන්දෝ අතර ඉහළම ප්‍රතිලාභියා බවට පත්වී ඇත්තේ හිටපු මහා බැංකුවේ අධිපති අර්ජූන් මහේන්ද්‍රන්ගේ බෑනාගේ සමාගම වන පර්පර්චුවල් ට්‍රෙසරිස් සමාගමයි (Perpetual Treasuries Ltd) එහෙත් මේ නිසා මේ වනවිටත් අපේ රටේ අහිංසක ගොවියා, පදික වෙලෙන්දා ධීවරයා, ත්‍රිවිල් හිමියා, සුලු කර්මාන්ත කරුවා ඇතුලු සියලු ක්ෂේත්‍රයන් මෙන්ම සියලුම අංශවල ආර්ථිකය ඉතා දරුණු ලෙස කඩාවැටීමෙන් පවතින බවට චෝදනා එල්ල වෙමින් තිබේ.
ශ්‍රීලංකා මහා බැංකුවේ පොලි අනුපාතය ඉහළ යෑමේ සටහන...
Sunday, December 25, 2016
Home
අනාවරණ
රටේ බැංකු සංවර්ධනය සඳහා ජනතාවට ණය දීම නවතයි.. ඒ වෙනුවට ආණ්ඩුවට ණය දෙයි.. පොලිය එදා 6%යි.. අද ආණ්ඩුව ගන්නේ 13%ටයි
රටේ බැංකු සංවර්ධනය සඳහා ජනතාවට ණය දීම නවතයි.. ඒ වෙනුවට ආණ්ඩුවට ණය දෙයි.. පොලිය එදා 6%යි.. අද ආණ්ඩුව ගන්නේ 13%ටයි
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment