වසර 30ක කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ පිරිවැය රුපියල් බිලියන 30000කට අධික බව ඉන්දීය හිටපු ආරක්ෂක උපදේශක මෙන්ම හිටපු විදේශ ලේකම් ශිවශංකර් මෙනන් මහතා සඳහන් කර තිබේ.
ඔහුගේ නවතම ග්‍රන්ථය වන 'Choices: Inside the Making of India’s Foreign Policy' නැමැති ග්‍රන්ථයේ මෙය සඳහන් බව ‘නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත්සේවය වාර්තා කරයි.
එසේම එම පිරිවැය තුළ ආවස්ථික පිරිවැය (opportunity cost) ඇතුළත් නොවන බවත් හිටපු ආරක්ෂක උපදේශකවරයා සඳහන් කරයි. 1983 වසරේ පටන් 2009 දක්වා පැවති යුද්ධයේදී ජීවිත 80000-100000ක් අතර ගණනක් අහිමිව තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.
එහිදී සාමාන්‍ය වැසියන් 30000-50000ක ගණනක්, එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 27693ක්, හමුදා නිලධාරීන් 23,790ක් හා ඉන්දීය සාම සාධක හමුදාවට අයත් හමුදා නිලධාරීන් 1155ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඔහු සඳහන් කරයි.
යුද්ධයේ අවසන් කාලයේදී පමණක් පුද්ලගයින් 300000කට අධික ප්‍රමාණයක් අවතැන් වූ බවත් උතුරු නැගෙනහිර වළදමා ඇති බිම්බෝම්බ ප්‍රමාණය ලක්ෂ 16ක් පමණ වන බවත් ශිවශංකර් මෙනන් වැඩිදුරටත් සඳහන් කරයි.
No comments:
Post a Comment