අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(24) අස්ගිරි, මල්වතු මහ නාහිමිවරුන් බැහැ දුටුවේ ය.
එහිදී මහා නායක ස්වාමීන් වහන්සේගේ අත්සනින් යුතු විශේෂ ලිපි 2ක් එහිදී අග්‍රාමාත්‍යවරයා වෙත භාර දී තිබේ.
ඊයේ පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන් අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහ නාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාවේ හිමිවරුන් බැහැ දුටුවේ ය.
එහිදී අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන්ගේ අත්සනින් යුතුව අගමැතිවරයාට ලබා දුන් ලිපියේ ප්‍රධාන ක්ෂේත්‍ර 5ක් ඇතුළත් ය.
අදාළ ක්ෂේත්‍ර 5 පහත පරිදි වේ.
1 යෝජිත ව්‍යවස්ථා සම්පාදන කාර්යයේදී ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතු බව,
2 පළාත් සභා බලතල සහ නීති සම්පාදනයේදී පළාත් පාලනයේ විධායක බලය මධ්‍යම රජයේ විධායකය යටතේ පැවතිය යුතු බව,
3 දැනට පවතින අධිකරණ පද්ධතියෙන් බැහැරව වෙනත් අධිකරණයක් හෝ ව්‍යවස්ථාදායක අධිකරණයක් පිහිටුවීම නොකළ යුතු බව,
4 බුදු දහමට ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතු බව
5 ජාතික ප්‍රතිපත්ති තීරණය කිරීමේ බලය මධ්‍යම රජය සතු විය යුතු අතර ගැටලු සහගත අවස්ථාවලදී සිංහල භාෂාව ප්‍රමුඛත්වයේ තබා කටයුතු කළ යුතුය යන කරුණු කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු කරන ලෙස මහ නාහිමියන් සිය යෝජනාවලියෙන් පෙන්වා දෙයි.
අනතුරුව අගමැතිවරයා මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් ද බැහැ දුටුවේ ය. එහිදී මහ නාහිමියන් විශේෂ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගත් ලිපියක් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළේ ය. ඒ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදන හෝ ව්‍යවස්ථා සංශෝධනය කිරීම හා උතුරු නැගෙනහිර පළාත් සඳහා සුවිශේෂී බලතල පවරා දීම පිළිබඳ ක්‍රියාමාර්ග පිළිබඳව ය.
එහිදී මහා නායක හිමියන් පෙන්වා දී ඇත්තේ හුදු ජාතිවාදී, ආගම්වාදී, පක්ෂවාදී පටු ආකල්පයන්ට කොටු වී වර්තමාන අභියෝග ජයගත නොහැකි බව පිළිගන්නා නමුත්, රටේ ඒකීය ව්‍යුහයේ පැවැත්මට ජාතික, ආගමික සංහිඳියාවට හානිකර පරිදි කරුණු යෙදෙමින් පවතින්නේ නම් එය අනුමත කළ නොහැකි බව ය.
වන රක්ෂිතවල ජනපද පිහිටුවීමේ ක්‍රියාවලිය නතර කිරීමට වහා පියවර ගත යුතු බව ද පෙන්වා දෙන මල්වතු මහ නාහිමියන්, උතුරු නැගෙනහිර සිද්ධස්ථාන සංරක්ෂණයට පියවර ගත යුතු බව ද පෙන්වා දෙයි.
එම ලිපි පහතින්,

No comments:
Post a Comment