මහබැංකු බැඳුම්කර සිද්ධියේ වගකීම භාරගෙන අග්‍රාමාත්‍යවරයා තම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවත්, එසේ නොවන්නේ නම්, ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවත් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ ඊයේ (31) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,"අරාබි නිසොල්ලාසයේ නම් හිටියේ අලි බබා සහ හොරු හතලිහ. හැබැයි දැන් ලංකාවේ ඉන්නේ අලි හොරා සහ හොරු දහදෙනා. අලි හොරා තමයි බැඳුම්කර වංචාවේ මහමොළකරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. හොරු අල්ලන්න ආපු අය කම්බ හොරුන් බවට පත්වුණු අවස්ථාවක් ලෝක ඉතිහාසයේම වාර්තා වෙන්නේ නෑ.
අපි කියන්නේ දැන් විමර්ශන වැඩක් නෑ. තොරතුරු හෙළිවෙලා ඉවරයි. වහාම ගතයුතු පියවරක් තියෙනවා. අගමැතිතුමා මේ වගකීම් භාර අරගෙන ඉල්ලා අස්විය යුතුයි. " යනුවෙන් කියාසිටියේය.
වීඩියෝව පහතින්....

No comments:
Post a Comment