ගායන ශිල්පිණී සහේලි ගමගේ පිළිබඳව මෙරට සංගීත රසික රසිකාවියන් හඳුණාගත්තේ ඇය විසින් ගායනා කරන ලද "ආයුබෝවේවා මහ රාජාණනේ" ගීතයත් සමග යි.
පසුව දේශපාලන වේදිකාවල පවා ඇය පිළිබඳ කතාබහට ලක්වූ අවස්ථා ද දුලබ වූයේ නැහැ. පසුගිය කාලයේ සහේලිගේ රසික රසිකාවියන්ට නම් දැණුනේ ඇය තරමක නිහඬබවකින් සිටින බව යි.
කෙසේ වෙතත් ඒ නිහඬතාවය බිඳ දමමින් නවමු ආකාරයේ අපූර්ව නිර්මාණයක් එළිදැක්වීමට සහේලි කටයුතු කර තිබෙනවා. Mashup Cover ගීයක්වන මෙය බටහිර සංගීතයේ මෙන්ම ලෝකය පුරාම අතිශයින් ආදරයට ලක් වූ "La Isla Bonita" ගීතය සහ භාරත සිනමා ගී අතර සදා නොවෙනස් ලෙස ජනප්‍රිය "O Mere Sona Re" ගීතය එකතු කොට නිර්මාණය කර තිබෙනවා.
සහේලිගේ ගායනය ඔපවත් කිරීමට මෙම නිර්මාණයට සංගීත සංයෝජන දායකත්වය ලබා දී ඇත්තේ අනුෂ්ක දසනායක යි. එමෙන්ම මෙම ගීතය සඳහා රූප රචනාවක් ද එළිදක්වා තිබෙනවා.
එය පහතින් නරඹන්න....
Wednesday, October 26, 2016
සහේලිගෙන් අලුත්ම වැඩක්: මියුසික් වීඩියෝව මෙන්න (VIDEO)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment