'බදු ෆයිල් හංගලා තිබ්බේ. අද ඒවා විවෘත කරලා - ඇමති රවී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 26, 2016

'බදු ෆයිල් හංගලා තිබ්බේ. අද ඒවා විවෘත කරලා - ඇමති රවී

'බදු ෆයිල් හංගලා තිබ්බේ. අද ඒවා විවෘත කරලා - ඇමති රවී

ජාත්‍යන්තරයෙන් අවශ්‍ය තරම් ණය ලබාගැනීමට හැකි බවත් මේ වනවිට වඩා මූල්‍ය පාලනයක් සහිතව ණය ලබාගැනීම ආරම්භ කර ඇති බවත්  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (26) පාර්ලිමේන්තුවේදී වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීම අතරතුරයි.

ඒ සම්බන්ධව අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ 15% වැට් බදු ප්‍රතිශතය කඩිනමින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් වියදම වැඩි වී ඇත්තේ පසුගිය සමයේ සිදුකළ නාස්තිකාර වියදම් නිසා බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "අපිට අවශ්‍ය වන්නේ මෙය හරි මාර්ගයට ගේන්න. මෙතෙක් දුර බදු ෆයිල් හංගලා තිබ්බේ. අද ඒවා විවෘත කර තිබෙනවා. මෙතෙක් දුර ආදායම සීඝ්‍රයෙන් අඩු වුණා. අපි අකමැත්තෙන් සියයට 15% ගේන්නේ. පුළුවන් ඉක්මනින් අඩු කරනවා. අයවැය පරතරය අඩු කරගෙන රටේ මූල්‍ය ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපිට හංගන්න අවශ්‍ය නෑ.  මේ වියදම වැඩි වී තියෙන්නේ නිකම් නොවේ. නාස්තිකාර වියදම් නිසයි. අපට අවශ්‍ය වුණා ලාබ ලබගැනීමට. ජාත්‍යන්තරයෙන් අවශ්‍ය තරම් ණය ලබාගන්නට පුළුවන්. අප දැන් වඩා මූල්‍ය පාලනයක් සහිතව ණය ලබාගැනීම ආරම්භ කර තිබෙනවා. ණය කන්දරාවක් තිබුණා. ආදයම උත්පාදනය කරන්නට සිදු වුණා ණය ගෙවන්න. වැට් බදුවල සියයට 15% අඩු කරනවා, වැඩි කාලයක් යන්නට කලින්. වැරදි අර්ථකතනයක්  දෙන්න හදනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් වැට් බදු ඉවත් කර තිබෙනවා" යනුවෙන් කියාසිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad