උතුරු ආණ්ඩුකාරවරයා වන රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ශිෂ්‍ය සංගමය වෙත එවන ලද ලිපියක් එම සංගමය විසින් යළි ඒ මහතා වෙත ලැබීමට සලස්වා තිබේ.
පසුගියදා යාපනය සරසවි සිසුන් දෙදෙනෙකු වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධව එම විශ්වවිද්‍යාලයේ සිසුන් ගෙනගිය විරෝධතාවය පිළිබඳවත් ඔවුන් සහ ආචාර්ය මණ්ඩලය තමාට භාරදුන් පෙත්සම් කිහිපයක් පිළිබඳවත් ජනාධිපතිවරයාට දන්වා ආණ්ඩුකාරවරයා විසින් මෙම ලිපිය යවා ඇත.
ආණ්ඩුකාරවරයා විසින් එහි පිටපත් එම විශ්වවිද්‍යාලයේ කලා පීඨ ශිෂ්‍ය සංගමයටත්, නීති පීඨ ශිෂ්‍ය සංගමයටත්, විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයටත් ලැබීමට සලස්වා තිබේ.
කලා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. රජීවන් මහතා එය යළි ආණ්ඩුකාරවරයා වෙත ලැබීමට සලස්වා ඇත්තේ, (We could not understand what you are saying here. We are trying to say that Sri Lankan official languages are Sinhalese and Tamil) ඔබ පවසන දේ පිළබඳව අපට නොවැටහෙන බවත් අප කීමට උත්සාහ දරන්නේ ශ්‍රී ලංකාවේ නිල භාෂාවන් වන්නේ සිංහල සහ දෙමළ භාෂාව බවත්ය.
එම ලිපිය පහතින්.
No comments:
Post a Comment