තමන්ගේ පාලන කාලය තුළ රටට ලබා දුන් ජනමාධ්‍ය නිදහස පිළිබඳ ජනාධිපතිවරයා උදම් අනමින් සිටියදීම ලේක්හවුස් ආයතනය මාධ්‍ය නිදහස අමු අමුවේ උල්ලංඝණය කරමින් රිවිර පුවත්පතට වාරණයක් පනවා තිබේ.
ඒ අනුව ලේක්හවුස් ආයතනයට රිවිර පුවත්පත මිල දී ගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙස පාලනාධිකාරිය නියෝග කර තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
එම උපදෙස් අනුව ඔක්තෝබර් මස 07 වැනි දා සිට කිසිදු කර්තෘ මණ්ඩලයකට හෝ වෙනත් දෙපාර්තමේන්තුවකට රිවිර පුවත්පත නොසැපයෙන අතර කර්තෘ මණ්ඩල පුස්තකාලයේ පමණක් එක් පිටපතක් කියවීමට තබා ඇත.
රිවිර මිල දී නොගැනීමට හේතු දක්වා නැතත් ආරංචි මාර්ග සඳහන් කළේ රිවිර මහින්දවාදී පුවත්පතක් ලෙස හඳුන්වා දෙමින් මෙම තහනම ක්‍රියාත්මක කර ඇති බවයි.
මාධ්‍ය නිදහස උල්ලංඝණය කිරීම් ගැන ජනාධිපතිවරයා පසුගිය රජයට ඇඟිලි දිගු කරමින් සිටියදී ලේක්හවුස් පාලකයන් මෙවැනි දෑ කිරීම ජනාධිපතිවරයාගේ රෙදි ගැලවීමක් බව මාධ්‍යවේදීන් අතර කථාබහට ලක්ව තිබේ.
උපුටා ගැනීම : Lanka News Web Today
Wednesday, October 26, 2016
සිරිසේනගේ රෙද්දේ මාධ්‍ය නිදහස රිවිර පුවත්පතට තහනමක්!
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment