බගවන්තලාව, ටින්සින් නගරයේ තොග වෙළදසැලක අලෙවි කිරිම සදහා සුදානම් කර තිබු පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ දිරා ගිය හාල්මැස්සන් කිලෝ 450ක් විනාශ කිරිමට බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂ ඩි. එල්. කේ වසන්ත මහතා (14) කටයුතු කර තිබේ.
එම වෙළදසැලේ පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ හාල් මැස්සන් අලෙවි කරන බවට බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා වෙත ලැබුණු පැමිණිල්ලක් මත මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මෙම වැටලීම සිදුකරනු ලැබීය.
ඒ අනුව එම වෙළදසැල පරික්ෂා කර අදාළ හාල්මැස්සන් තොගය මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා භාරයට ගෙන එම හාල්මැස්සන් තොගය විනාශ කර තිබේ.
වෙළඳසැල් හිමියා ද අදාළ හාල්මැස්සන් තොගය විනාශ කිරීමට එකඟතාවය පළ කළ නිසා ඔහුට එරෙහිව නෛතික පියවර නොගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.
විනාශ කරන ලද හාල්මැස්සන් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 03ක් පමණ වන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.
ඡායාරූප පහතින්.
හැටන් - රංජිත් රාජපක්ෂ
No comments:
Post a Comment