මෛත්‍රීට ජාත්‍යන්තරයේ පිළිගැනීම ඉහළයි - ඇමති මංගල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 20, 2016

මෛත්‍රීට ජාත්‍යන්තරයේ පිළිගැනීම ඉහළයි - ඇමති මංගල

මෛත්‍රීට ජාත්‍යන්තරයේ පිළිගැනීම ඉහළයි - ඇමති මංගල

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් හිමිව ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71වන සැසිවාරය ශ්‍රී ලංකාවට අන්තර්ජාතික වශයෙන් තව තවත් ඉදිරියට යාමට ලැබී ඇති අවස්ථාවක් බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නිව්යෝර්ක් නුවර සිට ප්‍රකාශයක් නිකුත් කරමිනි.

ඊයේ (19) ආරම්භවූ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය ලබන 26 වනදා දක්වා පැවැත්වෙන අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑං කී මූන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව මෙවර හේතුන් කිහිපයක් මත විශේෂත්වයක් ගනු ලබයි.

වසර 10ට අධික කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ධුරය දෑරූ බෑං කී මූන් මහතා සහභාගී වන අවසන් සැසිවාරය මෙය වන අතර මීට අමතරව සංක්‍රමණිකයින් පිළිබඳ සමුඵවක් ද මෙහිදී පැවැත්විමට නියමිතය.

එම සමුළුවේ ප්‍රධානත්වය අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් දරනු ලබයි.

බැරැක් ඔබාමා ජනාධිපතිවරයා ද මෙම සමුළුව ඇමතිමට නියමිත අතර ඔහු විසින් මෙම සමුළුව අමතනු ලබන අවසන් අවස්ථාව බවද වාර්තා වේ. 

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 21 වනදා මෙම සමුළුව ඇමතීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad