“මට ඔය කවුරුත් ලොකු නෑ…මම ඉන්නේ ජනාධිපති එක්ක…” - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, September 15, 2016

“මට ඔය කවුරුත් ලොකු නෑ…මම ඉන්නේ ජනාධිපති එක්ක…”

අගමැතිවරයා හෝ ඇමතිවරයා තමන්ට විරුද්ධව ප්‍රකාශයන් කලද තමන් සමග ජනාධිපතිවරයා සිටින තාක් කල් තමන් කාටවත් බය නැති බව මේ දිනවල දැඩි ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ උදහසට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර පවසා තිබේ. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ගෙවුණු දින කිහිපය තුලදි අවස්ථා ගණනාවකදි පොලිස්පතිවරයා දැඩි ලෙස විවිචනයට ලක්වු අතර පොලිස්පතිවරයා ඉවත් කිරිමේ සිමාව දක්වාම එම රාජ්‍ය උදහස වර්ධනය වි තිබේ.පොලිස් මුලස්ථානයේ පැවැති පොලිස් පොඩ්ඩන්ගේ හමුවකදි පොලිස්පති පූජිත් ජයසුන්දර පවසා ඇත්තේ…”මට ඔය කවුරුත් ලොකු නෑ…මම ඉන්නේ ජනාධිපති එක්ක …එතුමා ඉන්න කම් මම කාටවත් බය නෑ …”

එජාප ආණ්ඩුව පවත්වා ගැනිම සදහා FCID ය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර පොලිස්පති ධුරයට පත්කිරිම අනිවාර්යයෙන් කලයුතු වැඩක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එජාප රනිල් පිළේ ප්‍රභලයන් සමග පැවැති සාකච්ඡාවකදි ප්‍රකාශ වි ඇති බව අප පසුගියදා අනාවරණය කළා.

මේ අතර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ විශේෂ රැස්වීමකදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ ඔහුගේ විද්වත් සභාව දැඩි විවේචනයට ලක්කොට තිබේ.

පසුගියදා යාපනයේ පොලිස් මූලස්ථානය විවෘත කළ අවස්ථාවේදී එහි ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහු විසින් නිරාවරණය කළ සමරු ඵලකය කියවමින් එහි විෂයභාර අමාත්‍යවරයාගේ නම සඳහන්ව නැත්තේ ඇයිදැයි පොලිස්පතිවරයාගෙන් විමසා තිබේ. එම සමරු ඵලකයේ ඉහළින්ම තිබී ඇත්තේ පොලිස්පතිවරයාගේ නමයි. එය සාගල රත්නායක අමාත්‍යවරයාගේ කෝපයට හේතුවී තිබේ.

“පොලිසියේ කාර්යක්ෂමතාවය බින්දුවෙ නෙවෙයි තියෙන්නෙ, සෘණ අගයක. මුලු පොලිසියම නාඩගම් මඩුවක් වෙලා. පොලිසිය කරන්නෙ කරන්න ඕන දේවල් නෙවෙයි, නොකළ යුතු දේවල්. මේකට මූලික හේතුව පොලිස්පතිතුමාගෙ පන නැතිකම. කතාකරන්න ගියාම අඩුම පැය හතරක් කතා කරනවා. නමුත් මෙලෝ දෙයක් හරියට කරන්නෑ. මේ සේරටම වගකියන්න ඕන තමුන්නාන්සෙ”

“මම වතාවක් කිව්වා, දෙවතාවක් කිව්වා. හැබැයි තුන්වෙනි වතාවෙ කියන්නෙ නම් නෑ. මට ඉස්සෙල්ලා මේ ඇමති පදවිය ජෝන් අමරතුංග මහත්තයා, තිලක් මාරපන මහත්තයා දැරුවා. නමුත්, විවිධ හේතු නිසා ඒ අයට යන්න සිද්ධවුනා. මොන හේතු ආවත් මම යන්නෙ නෑ. මම වැරදි වැඩ කරන්නෑ. ජනාධිපතිතුමාගෙ, අගමැතිතුමාගෙ සම්පූර්ණ ආශිර්වාදය මට තියනවා. ඒකනිසා මම කාටවත් බය නෑ. හරියට වැඩ කරනකං මාත් එක්ක ඉන්න පුලුවන්. එහෙම බැරි අයව මම අනිවාර්යෙන්ම එළවනවා. මේක අවසාන නිවේදනය බව මතක තියාගන්න.”

සිරිසේනට දෙන්න ගිය පුජිතට රනිල්ගෙන් පයින් පහරක්

පොලිස්පති ධුරය පුජිත්ට අහිමි වෙයි…FCID ලොක්කා පොලිස්පති!



උපුටා ගැනීම : Lanka News Web Today

No comments:

Post a Comment

Post Bottom Ad