ශ්‍රී ලංකා ග්රන්ථ ප්රකාශකයින්ගේ සංගමය විසින් සෑම වසරකම සැප්තැම්බර් මාසයේ පවත්වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 18 වැනි වරටත් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
ඒ අනුව අදින් (16) ආරම්භ වන පොත් ප්‍රදර්ශනය ලබන 25 වන දින දක්වා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන අතර මෙවර ප්‍රදර්ශනයට වෙනත් වසරවලදී මෙන් දස ලක්ෂයකට අධික දෙස් විදෙස් පාඨකයින්ගේ සහභාගීත්වය අපේක්ෂා කරයි.
අද දිනයේදී පමණක් පෙරවරු 10.00 සිට රාත්‍රී 09.00 වනතෙක්ද, හෙට (17) දිනයේදී රාත්‍රී 12.00 වනතෙක් ද මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය විවෘතව පවතින අතර සෙසු දිනයන්හිදී උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 වනතෙක් එය විවෘතව තැබීමට නියමිතය.
මෙවර ප්‍රදර්ශනය කුටි 410කින් යුක්ත වන අතර එයින් ප්‍රදර්ශන කුටි 60ක් විදේශීය ප්‍රකාශකයින් වෙනුවෙන් වෙන්කර තිබේ.
ප්‍රදර්ශනයෙහි ප්‍රවේශ ගාස්තුව රුපියල් 20කි.
No comments:
Post a Comment