ජාතික වෙරළ හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනූව හෙට (17) සිට 23 වනදා දක්වා සතියක කාලය එලෙස නම් කරන අතර එම සති තුළ දී වෙරළ පවිත්‍රතා වැඩසටහන් මාලාවක් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඒකාබද්ධව දිවයින පුරා සිදු කිරීමට නියමිතය.
අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමඟාමීව මෙය සංවිධානය කර ඇත.
සෑම වර්ෂයකම සැප්තැම්බර් තුන්වැනි සතියේ සෙනසුරාදා දින සිට සිව්වැනි සතියේ සිකුරාදා දක්වා වෙරළ හා සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය ලෙස නම් කෙරේ.
No comments:
Post a Comment