රජයේ කාර්මික නිළධාරීන්ගේ සේවා ගැටළු සඳහා විසඳ්‍රම් ලබාදෙන මෙන් 2014 වසරේ සිටම පැවති රජයන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කළ ද මේ දක්වාම ඊට නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් එම ඉල්ලීම් සියල්ල ලබාදෙන තුරු රාජ සේවයේ නියුතු 5000ක් පමණ වන සියළුම කාර්මික නිළධාරීන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතව සිටින බවත් එය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා ගෙනයන බවත් රජයේ කාර්මික නිළධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මාලන් සේරසිංහ මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (12) උදෑසන මහනුවර තරුණ සේවා සංගම් ශාලවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
කාර්මික නිළධාරීන් සඳහා වෙනම සේවාවක් ඇති කිරීම, සියළු වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම, සුදුසු කාර්මික නිළධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම, බඳවා ගැනීමේ සුදුසුකම් පහත නොදැමීම, වෘත්තීක දීමනාව, ක්ෂේත්‍ර දීමනාව ඉහළ දැමීම, කාර්මික නිළධාරී පුහුණු මධ්‍යස්ථානයක් ඇති කිරීම ඇතුළු තම සංගමයේ ඉල්ලීම් ලබාදෙන තුරු මෙම වැඩවර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව මෙහිදී සඳහන් ළ සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කිහිපයක් තමන්ට සහය පතා වැඩවර්ජනය කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙම වැඩවර්ජනය පසුගිය 06 වනදා ආරම්භ කළ අතර රජයේ කාර්මික නිළධාරීන් 5000ක් පමණ මීට සහභාගී වීම නිසා රටේ සංවර්ධන කටයුතු බහුතරයක් මේ වනවිට අඩාලව පවතී.
මහනුවර - කමල් සුරවීර
No comments:
Post a Comment