විදේශ කටයුතු අමාත්‍යාංශය ජාවත්තට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 16, 2016

විදේශ කටයුතු අමාත්‍යාංශය ජාවත්තට 

විදේශ කටයුතු අමාත්‍යාංශය ජාවත්තට 

විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට ගෙන යාමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය වර්තමානයේ පවත්වාගෙන යනු ලබන කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ජනරජ ගොඩනැඟිල්ල බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී ඉදි කරන ලද්දක් වන අතර, එය සංරක්ෂණය කළ යුතු උරුමයක් ලෙස හඳුනාගනු ලැබ ඇත. 

ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට ගෙන යාම අත්‍යවශ්‍ය වන අතර, එම අමාත්‍යාංශය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති කොළඹ, ජාවත්ත පාරේ පිහිටා ඇති අක්කර දෙකක පමණ ඉඩම් කොටසක් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත වෙන් කරගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad