අද (15) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ගැලණිගම - දොඩංගොඩ අතර 26 වැනි කිලෝමීටර් කණුව ප්රදේශයේදී මගීන් පිරිසක් රැගත් බස් රථයක් මාර්ග නඩත්තු කටයුතු සිදුකරන වාහනයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ බස් රථයකි.
පොලීසිය සඳහන් කරන්නේ අනතුරුට ලක්ව ඇති බස් රථය එම මාර්ගයේ නිතිපතා ධාවනය නොවන එකක් බවයි.
No comments:
Post a Comment