සූරියවැව, මීගහජදුර ප්‍රදේශයේදී නාවික හමුදාවේ කාර්මික ඉංජිනේරුවරයෙකු බව කියන පුද්ගලයෙකු සහ තවත් අයෙකු කපා කොටා මරාදමා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඊයේ (14) රාත්‍රියේ සූරියවැව, මීගහජදුර තැපැල් කාර්යාලය ආසන්නයේ යතුරුපැදිවලින් පැමිණ සිටි තරුණයින් පිරිසක් මත්පැන් පානය කරමින් සිට ඇති අතර එම තරුණයින් සිටි ස්ථානය පසුකර යාමට පැමිණි ත්‍රිරෝද රථයක සිටි රියදුරෙකු සමඟ බහින්බස්වීමක් සිදුව තිබේ.
ඒ, මෙම තරුණයින් මාර්ගය අවහිර වන ලෙස මත්පැන් පානය කරමින් සිටීම හේතුවෙන් බව වාර්තා වේ.
පසුව අදාළ ත්‍රිරෝද රථය එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.
බීමත්ව සිටි යතුරුපැදිවල පැමිණි තරුණයින් ත්‍රිරෝද රථය පිටුපස හඹාගොස් එහි රියදුරාට පහරදී ඇත්තේ ඉන් අනතුරුවයි.
මෙම ගැටුම අතරතුර ත්‍රිරෝද රථයේ සිටි තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 23ක් වන සූරියවැව, සුරුවිරුගම ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
ගැටුම සිදුවන අතරතුර සෙවණගල, කොතලාවල විද්‍යා පීඨයේ නාවික හමුදා නිලධාරීන් පිරිසක් රැගත් රථයක් එම ස්ථානය පසුකර යාමට පැමිණ තිබේ.
එම රථයේ සිටි එක් නිලධාරියෙකු සිද්ධිය වූ ස්ථානයට ගිය අවස්ථාවේදී ඔහුට ද යතුරුපැදිවල පැමිණි තරුණයින් තියුණු ආයුධවලින් පහරදී ඇති අතර ඔහු බරපතල තුවාල ලැබ මියගොස් තිබේ.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ අවුරුදු 31 ක් වන වැලිගම ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා නිලධාරියෙකි.
No comments:
Post a Comment