සෑම මැතිවරණයකම පොරොන්දුවක් වූවත් බලයට පත්වීමෙන් පසු සෑම ආණ්ඩුවකටම අතපසුවුණු මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතිය මෙලෙස කඩිනම් නිමාවක් දැකීම තමා දුටු සිහිනයක් සැබෑවීමක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
එ් මහතා මේ බව ප්‍රකාශ කළේ අද (25) මෙරට ක්‍රියාත්මක වන විශාලතම බහු කාර්ය ව්‍යාපෘතිය ලෙස සැලකෙන මොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මහවේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීමේ කටයුත්තට සහභාගීවීමෙන් අනතුරුව ජනතාව අමතමිනි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ තමා පාර්ලිමේන්තුවට තේරීපත්වූදා සිට මේ පිළිබඳව වරින්වර ඉල්ලීම් කළද එය ඉටුනොවූ බවත් අවසානයේ 2007 වසරේ තමා මහවැලි අමාත්‍යවරයාව සිටියදී මෙය ආරම්භ කළේ ඒ සඳහා අවශ්‍යය මුදල් ද නොමැතිව බවත්ය.
2012 වසරේදී වැඩ අවසන් කිරීමට තිබූ මෙම ව්‍යාපෘතිය මෙලෙස වසර 09ක් අතපසුවූයේ වසර 05ක කාලයක් ඒ සඳහා අවශ්‍යය මුදල් නොලැබීම නිසා බව ද ඒ මහතා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියාසිටියේ කෙසේ හෝ බාධක මැද මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමටත් එහි කටයුතු කඩිනමින් අවසන් කිරීමට ලැබීමත් තමා ලද භාග්‍යයක් බවයි.
මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරනු ලබන මෙම වෘාපීතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 555.7කි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට කෘෂිකර්ම සංවර්ධන හා ගොවිංන සේවා අමාත්‍යවරයාව සිටි කාලයේ දී එනම් මීට වසර 09කට පෙර මෙම වෘාපෘතිය සඳහා මුල් ගල තැබුණි.
මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක විශාලත්වයකින් යුත් ජලාශ 02ක් ඉදිකර මෙගාවොට් 25ක ජල විදුලි නිෂ්පාදනයට ද රජය සැලසුම් කර තිබේ.
No comments:
Post a Comment