ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට පෙර ශ්‍රී ලංකා පිළේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ උපදේශකයකු වශයෙන් කටයුතු කිරීම පිළිබඳව එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර ට්විටර් පණිවිඩ පෙළක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අභිවෘදිය වෙනුවෙන් පුහුණුකරුවකු ලෙස කටයුතු කරන්නැයි ඉල්ලීමක් කළ හොත් මුරලි කිසිවිටෙකත් එය ප්‍රතික්ෂේප නොකරන බවත් ඔහු විසින් එය නොපැකිළ ඉටු කරනු ඇති බවත් කුමාර් සංගක්කාර එම පණිවිඩයේ පවසා තිබෙනවා.
මෙරට ක්‍රීඩකයෙකු මුරලිදරන් හමුවට ගොස් උපදෙස් ඉල්ලුවහොත් එයට අවැසි උපරිම කාලය ගෙන මුරලි තම උපදේශනය ලබා දෙන බවත් සංගක්කාර පවසනවා. එමෙන්ම තමන් කැමති ඕනෑම පුද්ගලයකු පුහුණු කිරීමේ අයිතිය මුරලි සතුව පවතින බව යි කුමාර් සංගක්කාර අවධාරණය කරන්නේ.
තව ද මුරලිදරන් යනු ශ්‍රේෂ්ඨ ලාංකීය පුත්‍රයෙකු බව ද සංගක්කාර පවසා තිබෙනවා.
එම ට්විටර් පණිවිඩ පහතින්...
Tuesday, July 26, 2016
මුරලි වෙනුවෙන් සංගාගෙන් ට්විටර් පණිවිඩයක්
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment