පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්දට සිග්නල් දමා ජනවාරි 08 වෙනිදායින් පසුව මෛත්‍රිගේ පැත්තට හැරවු නිමල් ලංසා එක්සත් ජාතික පක්ෂයට පැනිමේ සුදානමක් පසුගියදා අනාවරණය වුනා.
මේ සැලැස්මට අනුව නිමල් ලංසා දවල් කාලයේදි මෛත්‍රි වෙනුවෙන් පෙනි සිටිමින්ද මගුල් ගෙවල් මළගෙවල් වලදි ආණ්ඩුව විචේනය කරමින් දවල් මිගෙල් රැ දනියෙල් චරිතය නිරූපණය කල ලංසා පසුගියිදා ඉබ්බාගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් එජාපයේ තවත් මජර පොරක් වන මන්ත්‍රී J.C අලවතුවල සමග පවසා ඇත්තේ මන්ත්‍රීගේ ආණ්ඩුවෙන් යලි කිසිදාක මැතිවරණයකට ඉදිරිපත් වි ජනතාවගෙන් ඡන්දය ලබා ගැනිමට නොහැකි බව පවසා තිබේ.
ඉබ්බාගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම සිදුකෙරුණේ පසුගිය සදුදාය. මුල්ගල් තැබීමේ උත්සවය සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන සහභාගිවීමට නියමිතව තිබූ නමුත් එදින වජිරට එදින එන්නට නොහැකි බව දන්වමින් නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා උත්සවය සදහා පැමිණ තිබිණි.
ඇමැති එස්. බී. නාවින්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල මෙන්ම ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති, එජාප හිරියාල සංවිධායක ජගත් යාපාද උත්සවයට සහභාගි වී සිටියහ. මන්ත‍්‍රී නලින් බණ්ඩාර මෙම උත්සවය සදහා අහම්බෙන් මෙන් සහභාගි වී සිටියේය. ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ අනෙක් සම සභාපතිවරයා වන හිරියාල ශ‍්‍රීලනිප සංවිධායක, වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික එහි සහභාගි වී නොසිටීම සැමගේ අවධානයට ලක් වී තිබිණි.
මන්ත‍්‍රීවරයා උත්සවයට සහභාගි වී නොසිටි නමුත් අවස්ථා කිහිපයකදීම ඔහුගේ නම කියැවෙනු ඇසිණි. කෙසේවෙතත් නාවින්න, නලින් සහ ජගත් යාපා උත්සවය අවසන්වෙන්නට පෙර එතැනින් පිටත් වී යාම හේතුවෙන් අන්තිමට ආරාධිතයිගෙන් උත්සවයේ ඉතිරි වූයේ නිමල් ලංසා සහ මන්ත‍්‍රී අලවතුවල පමණි. උත්සවය අවසන්වීමෙන් පසුව සූදානම් කර තිබූ තේ පැන් සංග‍්‍රහය දෙදෙනා භුක්ති වින්දේ රටේ තොටේ දේශපාලනය ගැන කතාකරමිනි.
‘‘මචං , අපි දැන් මෙහෙම ආණ්ඩුවේ හිටියා කියලා ආයෙත් වතාවක් නම් අපිට මේ පැත්තෙන් ඉල්ලලා ඡන්දෙන් දිනන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපිටත් ඉස්සරහට මොනවා හරි පැත්තක් තෝරගන්න වෙනවා. එක්කෝ අපිට ආපහු මහින්ද ළගට යන්න වෙනවා. නැත්නම් යූඇන්පියට එන්න වෙනවා. මගේ අදහස නම් තියෙන්නේ යූඇන්පියට එන්න. ’’ලංසා අලවතුවලගේ කරට අතක් දාගෙන කියූ ආකාරය තේ පැන් සංග‍්‍රහයේ අසුන්ගෙන සිටි බොහෝදෙනෙකුට ඇසිණි.
‘‘ඉතිං මොනවද බල බලා ඉන්නේ. එන්නකො මේ පැත්තට.’’ලංසාගේ පිල්මාරුවට උඩගෙඩි දෙමින් ජේ. සී. ලංසාට පොහොර දැම්මේය. ‘‘ මිනිස්සු අපිට ඡන්දේ දෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපිටත් තියෙන්නේ යූඇන්පී එකේ පිහිට තමයි. ’’ ලංසා කීය.
Saturday, July 9, 2016
සිරිසේනගේ බත් ගොට්ටා නිමල් ලංසා එජාපයේ තුරුලට
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment