තම කොමිසමේ අවසන් වාර්තාව සත්‍ය සෙවීමේ කොමිසමේ කටයුතු සඳහා උපයෝගි කරගනු ඇති බවට විශ්වාසය පල කරන බව අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු මැක්ස්වල් පරණගම මහතා පවසයි.
පසුගිය රජය විසින් අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම ආරම්භ කළ අතර එහි කාලය මෙම මස 15 වන දිනෙන් අවසන් විමට නියමිතයි. මෙම කොමිසම උතුරු නැගෙනහිර ප්‍රදේශවල අතුරුදන්වූවන් පිළිබඳව සහ සෙසු කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම් සිදුකළ අතර අවස්ථා කිහිපයකදි එම ප්‍රදේශවල ජනතාවගෙන් සාක්ෂි සටහන් කරගනු ලැබිණි.
අදාළ සාක්ෂි පදනම් කරගනිමින් අවසන් වාර්තාව මේ දිනවල සකස් කෙරෙමින් පවතින බව මැක්ස්වෙල් පරණගම මහතා සඳහන් කළේය. ඒ අනුව මෙම මස 15 වන දින කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදීමට නියමිතව තිබේ.
මේ අතර සත්‍යය සෙවීමේ කොමිසම ලබන සැප්තැම්බර් මාසයේ දී පමණ ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා ප්‍රකාශ කළේය. ඒ අනුව මෙම කොමිසමේ වැඩකටයුතු සඳහා තම කොමිසමේ අවසන් වාර්තාව බෙහෙවින් උපකාර වනු ඇති බව මැක්ස්වෙල් පරණගම මහතා අද දෙරණ කළ විමසීමකදී වැඩිදුරටත් කියා සිටියේය.

No comments:
Post a Comment