අමාත්‍ය ජෝන් අමරතුංග මහතාද ඒකාබද්ධ විපක්ෂයේ මෙම පාද යාත්‍රාව සම්බන්ධයෙන් ඊයේ පැවති ජනහමුවකදී සිය අදහස් පළකලා.ඒ මෙන්න මෙහමයි.
එහිදී ඔහු මෙසේ සිය අදහස් පළකළා.
‘‘විපක්ෂයේ කල්ලිය එනවලු පා ගමනක්. ඉතිං ඒක හොදයි. ඒ මිනිස්සු නිකංනේ ඉන්නේ. මොනවහරි කරන්න එපැයි. ඒක දේශපාලන ක්ෂේත්රයේ තියන අයිතියක්. තමුන්ට පයින් නෙමෙයි ඔලුවෙන් හරි හිටන් ආවත් අපේ විරොධයක් නෑ.ඒ කාලේ මට මතකයි අපිත් නුවර ඉඳන්ම පයින් ආවා.මමත් ආවා පයින් කොළඹට එනකොට කරගැට තිබුණා.
ඉතිං ඒ අවාට ඒ ආණ්ඩුව වැටුනේ නෑ. මේ කණ්ඩායමක් කෑකො ගහගෙන පයින් ආවාට මේ ආණ්ඩුව හොලවන්න බෑ.මම කිව්වා අපේ නායකයින්ට හොදට එන්ඩ අරින්න කියලා.මගදි පුලුවන්නම් අපි තේ පැන් සංග්‍රහයකුත් දෙමු ඒ මිනිස්සුන්ට කියලා. ඔහොම ඇවිද ඇවිද හිටපුවාදේ අවුරුදු 5ක්.
අවුරුදු 4 අවසාන වෙනකොට ඒ ගිය මිනිස්සු හොයාගන්නත් නැතිවෙයි
ඇයි ඉතිං වෙහෙස මහන්සිවෙලා ඇවිදලා අව්වේ ගිහිල්ලා තෙමිලා ලෙඩ හැදිලා මොනවා වෙයිද දන්නෑ ඒ අයට‘‘
Monday, July 25, 2016
ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට එජාපය මගදි කරන්න යන දෙයක්!
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment