පාද යාත්‍රාව පෙනී පෙනී …. සිරිසේනට මරු විකල් වේ….රනිල් විපක්ෂයට දැමිමට සජිත් පිළේ මෙහෙයුම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 25, 2016

පාද යාත්‍රාව පෙනී පෙනී …. සිරිසේනට මරු විකල් වේ….රනිල් විපක්ෂයට දැමිමට සජිත් පිළේ මෙහෙයුම

මහනුවර සිට පැමිණෙන ආණ්ඩු විරෝධී පාද යාත්‍රාව පෙනී පෙනී ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (25 දා) සවස 5.30 ට ජනපති නිල නිවසට කැඳවිමත් සමග මෛත්‍රී පිළේ බත් බැලයන් කලබලයට පත්ව සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.

ඊට ප්‍රධානතම හේතුව වි ඇත්තේ රනිල්-මෛත්‍රී විරසකයක් පවතින අවස්ථාවක මේ ආකාරයේ සාකච්ඡාවක් පැවැත්විම තුලින් එම තත්ත්වය තවත් වර්ධනය විය හැකි බවයි එම පිළේ අදහස් වි ඇත්තේ. මේඅතර අදාළ සාකච්ඡාව නොපවත්වන ලෙස ශ්‍රීලනිප අනුශාසකවරියක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද දැනුම් දි ඇති නමුත් ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කණ්ඩායමේ හමුව පැවැත්විම පසුපස ජනාධිපතිවරයා ලවා අමුතුම තාලේ ගෙමක් ගැසිමට රනිල් විරෝධි ශිරාල්-සජිත් කණ්ඩායම කටයුතු කරන බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

එක්සත් ජාතික පක්ෂය විපක්ෂයට තල්ලුකර දමා එජාපයේ ඇතිවන අර්බුදය සමග රනිල් විරෝධින්ගේ අතට බලය ලබා ගැනිමේ සටන වේගවත් කිරිමට රනිල් විරෝධි කණ්ඩායමේ අරමුණ වි ඇති අතර අද පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් විවිධ වර්ගයේ පුවත් පලකිරිමටද ඔහුන් කටයුතු සුදානම් කර තිබේන බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

ශ්‍රීලනිප කණ්ඩායම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒම සඳහා සහාය නොදැක්වීම හේතුවෙන් එජාපය සම්මුතිය බිඳදමා පාර්ලිමේන්තු විපක්ෂයේ අසුන් ගතයුතු බවට එපාජ ජ්‍යෙෂ්ඨයන් අගමැතිවරයාට දිගින් දිගටම බලපෑම් කරමින් සිටින අතර විපක්ෂයේ අසුන්ගෙන නව බෙදුම්වාදී ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවට කැමති කණ්ඩායම් එකතු කරගනිමින් එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බවටද ඔහුන් එජාප නායකත්වයට යෝජනා කර තිබේ.

කෙසේවෙතත් අප මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ රනිල් පිළේ ප්‍රභලයෙකුන් අප කල විමසිමකදි ඔහු සදහන් කළේ  අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර විරසකයක් නිර්මාණය කිරිමට ඇතැම් කල්ලි කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවත් ඔහුන් ක්‍රියාත්මක කරන මෙහෙයුම් සියල්ලම දෙදෙනාම හොදින් හදුනා ගෙන තිබේන අතර එම කුමන්ත්‍රණය කරුවන් ජනාධිපතිවරයා ලගින්ම තියාගෙන ඉන්නේ ඔහුන් එලවා දැමිමට කටයුතු කලහොත් ඔහුන් පිටත සිට මිට වඩා දරුණු ලෙස පහරදිමට පෙලබෙන නිසා බවයි.

මෛත්‍රී-ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ හමුව..

ජනාධිපතිවරයාගේ කැඳවීම ඊයේ (24 වැනිදා) වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසකට ලැබී ඇති බවත් ඔවුන් ජනාධිපතිවරයා හමුවීමට යන බවත් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. ජනාධිපතිවරයා සමඟ අද පැවැත්වෙන සාකච්ඡාවේදී මහනුවර සිට පැමිණෙන පාද යාත්‍රාව නවතා දමන ලෙස ඉල්ලීමක්‌ ලැබුණහොත් කුමන ක්‍රියාමාර්ගයක්‌ ගන්නේදැයි මන්ත්‍රීවරයාගෙන්”දිවයින” කළ විමසීමේදී පිළිතුරු දුන් මන්ත්‍රීවරයා සදහන් කළේ..

“මේ පාද යාත්‍රාව නවත්වන ලෙස ජනාධිපතිවරයා කියන එකක්‌ නැහැ. මොකද මේ පාද යාත්‍රාව පවත්වන්නේ ආණ්‌ඩුව පෙරළා දැමීමට නොවෙයි. රජය ගෙනයන රටට ද්‍රෝහි වැඩපිළිවෙළට එරෙහිවයි. රජය ජනතාවට එරෙහිව ක්‍රියා කරන අවස්‌ථාවල එයට එරෙහිව අදහස්‌ ප්‍රකාශ කිරීමට සහ විවිධ විරෝධතා දක්‌වන්න ජනාධිපතිවරයා පවා ඒකාබද්ධ විපක්‍ෂයේ අයට අවස්‌ථාව දී තිබෙනවා.

මේ පාද යාත්‍රාව ජනාධිපතිවරයාට එරෙහිව හෝ පක්‍ෂයට එරෙහිව යන ගමනක්‌ නොව එක්‌සත් ජාතික පක්‍ෂ රජය ඒකාධිපති ගමනක්‌ යැම වැළැක්‌වීම සඳහා ගන්නා එක්‌ ක්‍රියාමාර්ගයක්‌ පමණයි. මෙයින් ද රජයේ වැරදි නිවැරදි කර ගැනීමට කටයුතු නොකළහොත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ රජයක්‌ බිහිකර ගැනීම සඳහා මීට වඩා ජනබලයක්‌ සමඟ පෙරට එන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ එක්‌සත් ජාතික පක්‍ෂය ඇතිකරගෙන තිබෙන සම්මුතිවාදී ආණ්‌ඩුව අවුරුදු දෙකකට එකඟතාවක්‌ පළ කර ඇතත් එය තවත් වසර තුනක්‌ ඉදිරියට ගෙනයැමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවෙන් හෝ පක්‍ෂයෙන් අනුමැතියක්‌ හිමිව නැතැයි ද මන්ත්‍රීවරයා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad