සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන පළමු වසර සිසුන්ට නවකවදය දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේම සිසුන් 17දෙනෙක් තාවකාලික පන්ති තහනමකට ලක් කළ බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය 27 වන දින විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ආපන ශාලාවේ දී නවක සිසුන්ට නවකවදය දුන් බවට ද එම තත්ත්වය වැළැක්වීමට මැදිහත් වූ ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඔවුන්ට බැන වදිමින් පහරදීමට උත්සාහ කළ බවට ද වන චෝදනා මත මොවුන්ගේ පන්ති තහනම් කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවැනි වසර සිසුන් 15 දෙනෙකු හා සමාජයීය විද්‍යා හා භාෂා පීඨයේ සිසුන් දෙදෙනෙකු තාවකාලික පන්ති තහනමකට ලක්කොට තිබේ.

No comments:
Post a Comment