මැකලම් වසර ගණනාවකට පසු සංගාගෙන් සහ මුරලිගෙන් සමාව ගනී (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 7, 2016

මැකලම් වසර ගණනාවකට පසු සංගාගෙන් සහ මුරලිගෙන් සමාව ගනී (VIDEO)

නවසීලන්තයෙන් බිහිවූ විශිෂ්ඨ ගණයේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු වන බ්‍රෙන්ඩන් මැකලම් ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ ක‍්‍රීඩකයින් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන්ගෙන් සමාව ඇයැද සිටියා.

ඒ එංගලන්තයේ එම්.සී.සී ක‍්‍රීඩා සමාජයේ පැවති ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ජීව ගුණය මාතෘකාව කරගත් ලොව ප‍්‍රකට වාර්ෂික දේශනය සිදු කරමින්. මෙම දේශනය ජාත්‍යන්තරයේ අවධානයට නතුවෙන ප්‍රධාන අංගයක්.  2006 වසරේ පැවති තරගයක් අතරතුර සිදුවූ මතභේදාත්මක සිද්ධියක් පදනම් කර ගනිමින් මැකලම් සමාව අයැදීම සිදු කළා.

එහිදී අදහස් දැක්වූ මැකලම් පැවසුවේ මෙවැන්නක්,

" ශ‍්‍රී ලංකාවයි නවසීලන්තයයි අතර මේ තරගය පැවැත්වුණේ 2006 අවුරුද්දේ ක‍්‍රයිස්චර්ච් හිදීයි. එක අවස්ථාවක කුමාර් සංගක්කාර සිටියේ විශිෂ්ඨ ශතකයක් ආසන්නයේයි. ඒ වෙද්දි ශ‍්‍රී ලංකාවේ කඩුලු 09 ක් බිඳ වැටී තිබුණා. සංගක්කාර එක ලකුණක් ලබාගනිමින් ශතකය සම්පූර්ණ කරනවාත් සමග අනෙක් අන්තයේ සිටි මුරලිදරන් ඔහුට සුභපැතීමට ඇවිද ගියා. ඒ වන විටත් පන්දුව තිබුණේ මාවෙත පැමිණෙමින්. කඩුලු රකින්නා ලෙස කටයුතු කළ මා පන්දුව අතට ලද සැනින් කඩුල්ල බිඳ හෙළමින් මුරලිදරන් දවා ගෙන අපි තරගය ජය ගත්තා. ඇත්තටම එය නීත්‍යානුකූල දැවී යාමක්. එහෙත් ක‍්‍රීඩාවේ ජීව ගුණයට එය කිසිසේත්ම ගැලපෙන දෙයක් නොවෙයි. ඉතින් වසර 10 කට පසු කුමාර් සංගක්කාරත් මේ අවස්ථාවේ මෙතන සිටින බැවින් මා කල්පනා කළා එම සිද්ධිය සම්බන්ධයෙන් සංගක්කාරගෙන් සහ මුරලිගෙන් සමාව අයදින්න."

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)


 

No comments:

Post a Comment

Post Bottom Ad