තමන්ට අවශ්‍ය නම් පළමුවැනියා විය හැකි බවත් දෙවැනියාද විය හැකි බවත් වැදගත් වන්නේ රණවිරුවන් සුරකින කණ්ඩායම් සමඟ ඉදිරියට යාම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ(07) පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමිනි. තමා විශ්වාස කරන ගරු කරන ප්‍රතිපත්ති තිබෙන බවත් රට ඒකීය රටක් ලෙස ස්වෙරීභාවය ආරක්ෂා කර ගත යුතු බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසී ය.
එම ප්‍රතිපත්ති සඳහා ඉදිරිපත් වන ඕනෑම අයෙකු සමග ඉදිරි ගමනක් යාමට තමා සූදානම් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසී ය. කෙසේ වෙතත්, මීට පෙර කොළොන්න ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර තිබුණේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන නායකයා බවට පත් කළ යුතු බවයි.
එමෙන්ම සිය අමාත්‍යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව මුහුණුවරකින් යුතුව ඉදිරියට ගෙන යාම සඳහා තමන් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බදවා ගැනීමට යෝජනා කළ බවද අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවසී ය.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසූවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පක්ෂයේ තනතුරකට ගෙන ඒම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි.
එම වීඩියෝව පහතින් නරඹන්න...
Tuesday, June 7, 2016
ගෝඨා ප්‍රතිපත්ති ගැන හෙළිකරයි - දේශපාලනයට සූදානම්! (VIDEO)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment