'The Voice' නමැති අමෙරිකානු රුපවාහිනී වැඩසටහනේදී තරග වැදුණු ගායිකා ක්‍රිස්ටිනා ග්රිමී සංදර්ශනයක් අවසානයේ ඕලන්දෝ හි දී වෙඩි පහරකට ලක්වූ අතර තුවාල ලැබූ ඇය රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව වාර්තාවනවා.
මියයන විට ඇය 22 වන වියේ පසුවුණා. ඇය රසිකයන්ගේ සමරු පොත් වල සටහන් තබමින් සිටියදී තුවක්කුකරුවකු විසින් ඇයට වෙඩි තබා තිබෙන බවයි පැවසෙන්නේ. ප්‍රහාරකයා අත ගිනි අවි දෙකක් තිබී ඇති අතර ග්රිමීගේ සොහොයුරා ක්ෂණිකව ඔහු මෙල්ල කර ගැනීමට සමත්වී තිබෙනවා.
නමුත් පොරබැදීම මධ්‍යයේ තුවක්කුකරුද වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් බවයි වාර්තා වන්නේ. ඕලන්දෝ හි ප්ලාසා ලයිව් රඟහළේ දී ඊයේ (10) රාත්‍රී 10.45 ට පමණ ඇය වෙඩි පහරට ලක් වූ අතර ප්‍රහාරකයාගේ නම ප්‍රකාශයට පත්වී නොතිබුණු බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ.
ක්‍රිස්ටිනා ග්රිමී නව යොවුන් තරුණියක් ලෙස 2011 දී 'ෆයින්ඩ් මී' ගීත ඇල්බමය ඔස්සේ ගීත ගායනයට පැමිණි අතර ඇගේ ගායනා යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයේ අතිශය ජනප්‍රියයි.
Saturday, June 11, 2016
අමෙරිකානු ගායිකාවක් වෙඩිතබා මරා දමයි (VIDEO)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment