රජයේ ප්රවෘත්ති දෙපාර්මේන්තුවේ නව ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය රංග කලංසූරිය මහතා අද (06) වැඩ භාර ගත්තේය.
නව ධූරයේ වැඩ භාර ගනිමින් ඒ මහතා සඳහන් කළේ මාධ්‍ය නිදහස නැති තැන ප්රජාතන්ත්රවාදය සම්පූර්ණ නොවන බවත් හොඳ රටක් හොඳ මාධ්‍යයක් සෑදීමට වගකීමෙන්, උපරීම ශක්තියෙන් කටයුතු කරන බවත්ය.
මෙම වකවානුවේ සිදු වන ප්රජාතන්ත්රවාදී වෙනස සම්පූර්ණවීමට නව මාධ්‍ය ප්‍රතිසංස්කරණක් අවශ්‍ය බව හෙතෙම වැඩිදුරටත් පැවසී ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ආචාර්ය රංග කලංසූරිය මහතා ඩෙන්මාර්කය මුලස්ථානය කරගත් ආසියා පැසිෆික් ජාත්‍යන්තර මාධ්‍ය පුහුණු ආයතනයේ කලාපීය උපදේශකවරයා වශයෙන්ද කටයුතු කළේය.
මලයාසියාව, පකිස්තානය ඇතුළු ආසියා පැසිෆික් රටවල මාධ්‍යවේදීන් පුහුණු කරන උපදේශකවරයෙක් ලෙසද කලංසූරිය මසතා කටයුතු කරයි.
Monday, June 6, 2016
නව ප්රවෘත්ති අධ්යක්ෂ ලෙස රංග කලන්සූරිය වැඩ බාරගනී
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment