සමාජ සවිබල ගැන්වීමේ හා සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක අමාත්‍යවරයා යටතේ පාලනය වන දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි සේවකයින්ගේ සේවක ගැටළු විසදීමට එම අමාත්‍යංශය පියවර නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළකිරීමට එම සේවක සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇති බව එම සංගමය මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.
2016 වසරට අදාළ ගමන් වියදම් දීමනාව නොගෙවීම, දිවිනැගුම පනත මගින් ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය අහෝසි කිරීමේ දී එම සේවකයින්ට ගෙවිය යුතු පාරිතෝෂික මුදල් නොගෙවීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව පියවර ගැනීමට අමාත්‍ය එස්.බී දිසානායක මහතා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන බවට ඔවුන් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර සිටී.
ඒ අනුව වෘත්තීය සංගම් 10කින් යුත් එම සේවක සංගමය විසින් ඉදිරියේ දී ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (08) සවස පැවැත්වීමට නියමිත බව ද සඳහන් කොට තිබේ.
එම මාධ්‍ය නිවේදනය පහතින්...

No comments:
Post a Comment