තරුණිය සිරකරගෙන දින7ක් තිස්සේ දූෂණය කළ විවාහක නරුමයා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 11, 2016

තරුණිය සිරකරගෙන දින7ක් තිස්සේ දූෂණය කළ විවාහක නරුමයා

21 වියැති තරුණියක් පැහැරගෙන ගොස් දින 7ක් තිස්සේ දූෂණය කර ඇති පුවතක් වත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම අපරාධය සිදු කර ඇති පුද්ගලයා 26 හැවිරිදි තරුණයෙකුවන අතර අදාළ තරුණිය ඔහුගේ මිතුරෙකුගේ නිවසේ දින 07ක් රඳවාගෙන දූෂණය කර තිබේ.

මෙම තරුණිය පුද්ගලික රසායනාගාරයක සේවය කරන්නියෙකු වන අතර පසුගිය 31 වැනි දා රැකියාවට යාම සඳහා වත්තේගම බස් නැවතුමෙහි රැඳී සිට ඇත. පාසැල් සමයේ ඇයව හඳුණන තරුණයෙතු එම අවස්ථාවේ දී එහි පැමිණ තමා කටුගස්තොට දක්වා ත්‍රිරෝද රථයකින් ගමන් ගන්නා බවත් ඇයට ද තමා සමග යා හැකි බවත් පවසා තිබේ.

බස්රථය පමා වීම හේතුවෙන් තරුණිය ත්‍රිරෝද රථයට නැග ඇති අතර රථය කටුගස්තොට මාර්ගයේ නොව වෙනත් මාර්ගයක ගමන් ගන්නා බව දුටු තරුණිය එයට විරෝධය පා කිහිප විටක්ම ඉන් බැසීමට උත්සහ කර ඇතත් අදාළ තරුණයා රථය නොනවත්වා ධාවනය කොට ඇත්තේ ඔහුගේ මිතුරෙකුගේ නිවසක් වෙතට යි.

තරුණිය එම නිවස තුළට බලෙන් රැගෙන ගොස් කාමරයක සිරකොට ඇති තරුණයා, තමාට ඇයව විවාහ කර ගැනීමට අවැසි බව පවසා දින 07ක් මුළුල්ලේ ඇය සමග ලිංගිකව එක් වී ඇති බව වාර්තා වේ. දින 07කින් පසු ඇයව විවාහ කරගැනීමට යන බව පවසමින් තරුණිය ත්‍රිරෝද රථයේ නංවාගෙන විවාහ රෙජිස්ටාර්වරයෙකු කරා ගමන් ගන්නා අතරතුර දී රථයෙන් පැන තම නිවස කරා පළා ගොස් ඇත.

රැකියාව සඳහා පිටත් වූ තම දියණියගේ අතුරුදන් වීම පිළිබඳව තරුණියගේ දෙමාපියන් ද පොලිසියට පැමිණිළි කර තිබී ඇති අතර අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වත්තේගම පොලීසිය පරීක්ෂණ පවත්වයි. තරුණිය දූෂණයට ලක් කළ තරුණයා විවාහයෙකු බව ද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad