වයස අවුරුදු 14 ක් වන නිවුන් සහෝදරියන් දෙදෙනෙකුට වරින් වර බරපතල ලිංගික අතවර සිදු කළ 41 හැවිරිදි අයෙකු මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු මුන්දලම පොලිස් වසමේ මහකුඹුක්කඩවල පදිංචිකරුවෙකු වන අතර ඔහු තමන් පදිංචි නිවස අසල ඇති පොල් වත්තක් බලා ගැනීම වෘත්තීය වශයෙන් සිදු කර ඇත. අතවරයට පත්ව ඇති දැරියන් දෙදෙනා පාසල් සිසුවියන් වන අතර ඔවුන්ගේ පියා මව හැර ගොස් ඇති බව වාර්තා වේ.
මෙම දැරියන්ගේ මව සැකකරු සමග අනියම් ඇසුරක් පවත්වා ඇති අතර ඒ සමඟම 2013 වසරේ සිට එක් දැරියක් සමඟ සතියකට වතාවක් ද 2014 වසරේ සිට අනෙක් දැරිය සමඟ ද සැකකරු ලිංගික සම්බන්ධතා පවත්වා තිබේ. තම මවගේ අනියම් පුරුෂයා විසින් කරනු ලබන ලිංගික බලපෑම් සම්බන්ධයෙන් දැරියන් දෙදෙනා විසින් මිත්තණියට පවසා ඇතත් ඇය නොසලකා සිට ඇත.
මේ අතර මීට මාස 03 කට පෙර දැරියන්ගේ මව රැකියාවක් සදහා විදේශ ගත වී ඇති අතර ඉන් පසුව සැකකරු විසින් නිරන්තරව දැරියන් දෙදෙනාව ලිංගික අපයෝජනයට ලක්කර තිබේ. නැවතත් දැරියන් දෙදෙනා මේ බව තම මිත්තණිය හා පවසා ඇති අතර ඒ අනුව මිත්තණිය දැරියන් දෙදෙනා සමග මුන්දලම පොලීසියට පැමිණ සිද්ධිය පැමිණිලි කර ඇත.
දැරියන් දෙදෙනා මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පුත්තලම මූලික රෝහලට යොමු කර ඇති අතර සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මුන්දලම පොලීසිය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශණ කටයුතු මෙහෙයවයි.
පුත්තලම - ජුඩ් සමන්ත
Friday, April 22, 2016
මවගේ පෙම්වතා නිවුන් දැරියන්ව වරින් වර දූෂණය කරලා
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment