බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාරහිමි ඇතුළු පිරිසක් පසුගියදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැක්වූ ක්‍රියාකලාපය තුළින් අධිකරණයට අපහාසයක් වී ඇද්ද යන්න පිළිබඳ සොයා බලන ලෙස හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීම සිදු කරමින් ඊට අදාළ පැමිණිල්ල හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණය වෙත යොමු කර ඇත.
ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේදී එක්නැළිගොඩ මහතාගේ බිරියට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන් රිමාන්ඩ් කිරීමට දෙන ලද නියෝගයෙන් පසු භික්ෂූණ් වහන්සේ පිරිසක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ කලහාකාරි ලෙස හැසිරෙමින් එහි දේපළවලට හානි කළ බවට චෝදනා එල්ල විය.

No comments:
Post a Comment