ක්‍රොඑෂියාවේ ජනපතිනියගේ බිකිණි ඡායාරූප පෙළක් පසුගිය දිනවල අන්තර්ජාලයේ හුවමාරු වුණා. කෙසේ වෙතත් එම ඡායාරූප ඇයගේ ඒවා නොවන බවට මේ වන විට දැනගන්නට ලැබෙනවා. 47 හැවිරිදි කොලින්ඩා ග්‍රාබර් 2015 වසරේ තේරී පත්වුණේ ක්‍රොඑෂියාවේ 4 වන ජනාධිපතිනිය ලෙසයි.
ඇය මුහුදු වෙරළක බිකිණියකින් සැරසී සිටින ඡායාරූප පෙලක් යැයි පවසමින් පසුගිය කාලයේ බොහෝ මාධ්‍ය පලකර තිබුන ඡායාරූප වල සැබෑ හිමිකාරිය වන්නේ කොකෝ ඔස්ටින් බවයි දැන් හෙළිවී ඇත්තේ. 37 හැවිරිදි කොකෝ ඔස්ටින් ඇමරිකානු නිළියක් මෙන්ම නිරූපිකාවක්ද වනවා. ඇය විවාහ වී සිටින්නේ ඇමරිකානු රැප් ගායකයෙකු සමගයි.
මොවුන් දෙදෙනාගේම පෙනුම බොහෝ දුරට එක හා සමාන බැවින් වරදවා වටහාගත් පැපරාසී කණ්ඩායම් ඒවා ක්‍රොඒෂියා ජනපතිනියගේ බවට සදහන් කරමින් වාර්තා පළකර තිබුණා. මෙම ඡායාරූප පලවීමෙන් පසුව බොහෝ දෙනා කොලින්ඩා ජනපතිනියව හැදින්වූයේ ලොව සරාගිතම ජනපතිනිය ලෙසයි.
2009 වසරේදි කොකෝ ඔස්ටින් ඇයගේ සැමියා සමග මයාමි මුහුදු තීරයේ කාලය ගතකරමින් සිටින අතරතුර ඔවුන්ව දුටු පැපරාසීන් මෙම ඡායාරූප ගෙන තිබෙනවා. මෙම ඡායාරූප අන්තර්ජාලයේ පලකර තිබුනේ ක්‍රොඒෂියානු ජනපතිනියගේ අලුත්ම පෙම්වතා යන මාතෘකාවෙනුයි.
කොකෝ ඔස්ටින්ගේ 2009 වසරේ ලබා ගත් ඡායාරූප පහතින්...
ක්‍රොඑෂියා ජනපතිනි..
Friday, April 22, 2016
ජනපතිනියගේ බිකිනි ඡායාරූප බොරුවක් වෙලා
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment