පුද්ගලික බස් වර්ජනයකට සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 14, 2016

පුද්ගලික බස් වර්ජනයකට සූදානම්

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ. 

බස් රථ බලපත‍්‍ර නිකුත් කිරීමට අදාළව රජය විසින් ගෙන ඒමට සූදානම් වන බව පැවසෙන නව කි‍්‍රයාපටිපාටියක් මෙයට හේතුව ලෙස ඔවුන් සඳහන් කරයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසයේ සිට මෙම බලපත්‍රය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසිය සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයත් පුවත් පත් දැන්වීම් හරහා දැනුම් දී ඇති බවයි. ඔහු වැඩිදුරටත් සඳහන්කළේ මෙම ක්‍රමය බස් කර්මාන්තයට තදබල ගැටළුවක් වී ඇති බවය.

No comments:

Post a Comment

Post Bottom Ad