ද්‍රවිඩ ඩයස්‌පෝරාවෙන් උතුරේ ජල අර්බුදයට විසඳුම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 19, 2016

ද්‍රවිඩ ඩයස්‌පෝරාවෙන් උතුරේ ජල අර්බුදයට විසඳුම්

යාපනය අර්ධද්වීපයේ පවතින උග්‍ර පානීය ජල අර්බුදය විසඳීමට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ද්‍රවිඩ ඩයස්‌පෝරාව ඉදිරිපත් වී සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කරයි.

ඇය මේ බව සඳහන්කළේ පසුගියදා ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ය. එහිදී අදහස් දැක්වූ කුමාරතුංග මහත්මිය කියාසිටියේ යාපනය අර්ධද්වීපයේ පානීය ජල අර්බුදය විසඳීමට ලීටර් 6500 ක පමණ ධාරිතාවකින් යුත් වැසි ජල ටැංකි 1000 ක්‌ ඉදිකිරීමට බ්‍රිතාන්‍යයේ වෙසෙන ද්‍රවිඩ ඩයස්‌පෝරාව ඉදිරිපත් වී සිටින බවත් 04 දෙනකුගෙන් යුත් පවුලකට මාස 03ක පමණ කාලයකට අවශ්‍ය ජලය ගබඩා කර ගැනීමට මෙම ජල ටැංකියක්‌ හොඳටම ප්‍රමාණවත් බවත් ය.

යාපනය පුරා ඇති හුණුගල් තට්‌ටුව ජලය සමඟ දියවී යැමෙන් පානීය ජලයට ලුණු ජලය මිශ්‍රවීම වේගවත් වීම මෙම ජල හිඟයට හේතුවයි. මේ හේතුවෙන් ඉදිරි වසර 05 ඇතුළත මෙය උග්‍ර ගැටළුවක් වනු ඇති බවට පාරිසරික විද්වතුන් ද අනතුරු අඟවා තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad