හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මාලිංග බණ්ඩාරට ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය තරග තහනමක් පනවා තිබෙනවා. ඒ, ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයෙකුට එරෙහිව තර්ජනාත්මක ලෙස හැසිරීම හේතුවෙන්.
ඒ අනුව මාලිංග බණ්ඩාරට ඔස්ට්‍රේලියානු දෙවැනි පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සහභාගිවීමට නොහැකි වනවා. ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, පසුගිය සෙනසුරාදා පැවැති තරගයකදී ප්‍රතිවාදී කණ්ඩායම් ක්‍රීඩකයෙකු වන ට්‍රෙවර් ඩේවිස් ක්‍රීඩකයා මාලිංගගේ හිස් ආවරණයෙන් ඇද ඇති බවයි.
ඊට උරණ වූ මාලිංග පිත්ත ඔසවමින් ඔහුට පහරදීමට උත්සාහ කර ඇති බවට අධිකරණය තීරණය කළා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ට්‍රෙවර් ඩෙවිස්ට ද තරග දෙකක තහනමක් පැනවුණා. කෙසේ වෙතත් මාලිංග බණ්ඩාරගේ නීතිඥ මයිල්ස් ටෙහාන් පෙන්වා දෙන්නේ පළමු තීන්දුව ලබාදුන් දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් අධිකරණය ට්‍රෙවර් ඩේවිස් සාක්ෂිකරුවෙකු ලෙස නඩුවට නොකැඳවීම ගැටලු සහගත බවයි.
ඊට ප්‍රතිචාර දක්වා ඇති එම අධිකරණයේ මූලාසනය හෙබ වූ ක්‍රිස්ටයින් වෙයර් අධිකරණයට පැවසුවේ, ට්‍රෙවර් ඩේවිස් නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙස ඉදිරිපත් කළ යුතු බවට මාලිංගගේ නීතිඥයා ප්‍රකාශ කළේ අවශ්‍ය වේලාවේදී නොවන බවයි.
කෙසේ වෙතත් මාලිංග ක්‍රීඩා කරන දකුණු ස්ප්‍රිංවේල් ක්‍රිකට් කණ්ඩායමේ සභාපති ටිම් කොකේයින් පවසන්නේ, තම ක්‍රීඩකයාට තරග තහනමක් පැනවීමත් සමග තම බලාපොරාත්තු බිඳවැටුණු බවයි.
Sunday, March 13, 2016
මාලිංග බණ්ඩාරට ක්‍රිකට් තහනමක්
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment