එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ඉදිරි මැතිවරණ සඳහා එක්ව තරග කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ ,මහජන එක්සත් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය සමඟ සාකච්ඡා කිරීමට සන්ධානයේ නව මහ ලේකම් මහින්ද අමරවීර මහතා තීරණය කර ඇති බව වාර්තා වනවා.
නව මහ ලේකම්වරයා ලෙස පත්වීමෙන් පසු ම.එ.පෙ. නායක දිනේෂ් ගුණවර්ධන, ජානිපෙ නායක විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී හමුවී සුබ පැතීමෙන් පසු ඔවුනට සිය යෝජනාව මහින්ද අමරවීර ඇමැතිවරයා ඉදිරිපත් කර ඇති බවයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත්තේ.
ඒ සම්බන්ධව සුබවාදී ප්‍රතිචාරයක් ඔවුන්ගෙන් ලැබී ඇති අතර ඒ අනුව ඉදිරි සති කිහිපයේදී එම පක්ෂ නායකයන් සමඟ වෙන වෙනම සාකච්ඡා පැවැත්වීමට මහින්ද අමරවීර ඇමැතිවරයා තීරණය කර ඇති බව වාර්තා වනවා.
Sunday, March 13, 2016
සන්ධානයට එන්නැයි මහින්දගෙන් ඇරයුම්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment