යහපාලන ආණ්ඩුවේ ණය ගැන මහින්ද කතා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 15, 2016

යහපාලන ආණ්ඩුවේ ණය ගැන මහින්ද කතා කරයි

2016 වසරේ ගෙවීමට ඇතැයි අගමැති පාර්ලිමේන්තුවේදී කී ණය ප‍්‍රමාණයෙන් 62%ක්ම ලබාගෙන ඇත්තේ පසුගිය වසරේ දී බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ අනුව ගෙවීමට ඇති බව කියන ඩොලර් මිලියන 4000න් 2497ක්ම ලබාගෙන ඇත්තේ වත්මන් රජය බව ද ඔහු පෙන්වා දුන්නේ ය. තමන්ගේ කාලයේ ලබාගත් ණයවලින් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක කළ ද වත්මන් රජය ගත් ණයවලින් බෝක්කුවක් හෝ ඉදිකර නොමැති බව රාජපක්ෂ මහතා පැවසී ය.

වත්මන් රජයේ ආර්ථික අවපාලනය හේතුවෙන් ඉදිරි කාලයේ දී තවත් බදු වැඩිකිරීම්, සුභසාධන හා සහන කප්පාදු, ජල, විදුලි, විදුලි සංදේශ හා ගමනා ගමන ගාස්තු වැඩිවීම් ආදියට මුහුණදීමට ජනතාවට සිදුවනු ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ය. ඔහු මේ බව පැවසූවේ ‘යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය‘ මැයෙන් බත්තරමුල්ලේ සිය කාර්යාලයේ දී ය.

No comments:

Post a Comment

Post Bottom Ad