11 හැවිරිදි දැරිය අපයෝජන කළ 53 හැවිරිදි සීයා කොටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 13, 2016

11 හැවිරිදි දැරිය අපයෝජන කළ 53 හැවිරිදි සීයා කොටු

යාපනය, පලෙයි, අල්ලිපලෙයි ප්‍රදේශයේ 11 හැවිරිදි දැරියට ලිංගික අපයෝජන සිදු කළ 53 හැවිරිදි දැරියගේ සීයා ඊයේ(12) අත්අඩංගුවට ගත් බව පලෙයි පොලිසිය පවසයි. පලෙයි පොලිසිය පැවසූවේ දැරියගේම සීයා වන පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු අවස්ථා ගණනාවකදි දැරිය අපයෝජනයට ලක් කොට ඇති අතර, දැරිය විසින් සීයා සිදු කළ ක්‍රියාව සම්බන්ධයෙන් මිතුරියක වෙත පවසා ඇති අතර, අදාළ මිතුරියගෙන් ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සීයා විසින් දැරිය පාසල් රැගෙන යාම, ආදි දැරියගේ රැක බලා ගැනීමේ කටයුතු සිදුකොට ඇති අවස්ථාවක දැරියට ලිංගික අපයෝජන සිදු කොට ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. 

සැකකාර පුද්ගලයා අද (13) කිලිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන මහතාගේ අධික්ෂණයෙන්, පලෙයි කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි, පලෙයි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන්,‍ පලෙයි පොලිස් ළමා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ශිරෝමි මහත්මිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad