බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ.
කාර් බෝම්බ දෙකක් යොදා ගනිමින් එරට වේලාවෙන් පස්වරු 7.00ට පමණ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල කොට ඇති අතර ඉන් මියගොස් ඇති පිරිස 20ක් පමණ වන බව වාර්තා වේ.
තුවාල ලැබූ පිරිස 15ක් පමණ වන බව එරට බලධාරීන් පවසයි. හෝටලයක් ඉදිරිපිට මෙම බෝම්බ දෙක පිපිරවීමෙන් අනතුරුව මුහුණු ආවරණය කර ගත් ත්රස්තවාදීන් සිව් දෙනෙකු හෝටලයට ඇතුළු වී එහි සිටි පිරිස ප්‍රාණ ඇපයට ගෙන ඇත.
මෙම හෝටලයේ වැඩි වශයෙන් නවාතැන් ගෙන සිට ඇත්තේ බටහිර ජාතිකයින් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නිලධාරීන් වන අතර හෝටලය තුළ සිටින ත්රස්තවාදීන් හා බුර්කිනා ෆාසෝ ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරු මේ වනවිටත් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හෝටලය තුළ ගින්නක් ද ඇති වී තිබෙන අතර ප්‍රාණ ඇපයට ගෙන සිටි 12 දෙනෙකු බේරාගැනීමට ආරක්ෂක අංශ මේ වන විට සමත්ව තිබේ.

No comments:
Post a Comment