සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතාගේ ‘‘හුදකලාව’’ නම් කෘතිය එළිදැක්වීමේ උත්සවය ඊයේ (13) පස්වරුවේ කොළඹ දී පැවැත්විය.
මෙම අවස්ථාවට හිටපු ජනාධීපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ද යන මහත්මීන් ද එක්ව සිටියහ. යහපාලන රජය ගෙන ඒමට බොහෝ මෙහෙයක් සිදු කළ විජේසූරිය මහතා විසින් මෙම උත්සවය ඇමතීමේ දී යහපාලන රජය දැඩි ලෙස විවේචනය කිරීම විශේෂයෙන් කැපී පෙනෙන සිදුවීමක් විය.
"පළමු වසර සැමරීම සඳහා ජනාධිපතිවරයා වැඩවසම් චින්තනයේ සායම්වලින් නැහැවීම සඳහා හදා තිබුණු ජුගුප්සාජනක සින්දුව දැක්විය හැකියි. රජයේ ආයතනවල අනුග්‍රහය ලබමින් පුවත්පත් පුරා පළකර තිබූ දැන්වීම් කන්දරාව දැක්විය හැකියි. ජනාධිපතිවරයා දිවුරුම් දුන් අන්දම පුරවැසියන් තුළ ඇති කළේ ප්‍රහස්‍යයක්.
ප්‍රචාරක දැන්වීම්වලට රජයේ මුදල් වියදම් නොකරන බවට ජනාධිපතිවරයා දුන් ප්‍රතිඥාව පුරවැසියන්ගේ ගෞරවයට ලක්වුණා. වසරක් ගෙවී යන විට දක්නට ලැබුණේ විදහා පෑ ආදර්ශයන් සහ ප්‍රතිඥාවන් කඩකළ බවයි. එසේනම් අර ගොන්පාට් සින්දුව හැදීම හා රජයේ මුදල්වලින් දැන්වීම් පළ කිරීම යනාදිය සිදුවුණේ කෙළෙසින්ද? ඒවා කරන්නේ කවුරුන්ද? ඒවා කරන්නේ ගෙවලයන් සහ වන්දිභට්ටන් වී සිටින තක්කඩීන්."
විජේසූරිය මහතාගේ කතාවේ වීඩියෝව පහතින්.
Thursday, January 14, 2016
"ගොන්පාට් සින්දු හදන්නේ ගෙවලයින්" - විජේසූරිය යහපාලනේට දෙහි කපයි (VIDEO)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment